ජනාධිපති කාර්යබලකායේ නිල වෙබ් අඩවිය

ජනාධිපතිතුමාගේ පණිවිඩය

රටේ ජීවනාවලිය බඳු ගොවි ජනතාව මුහුණ පා සිටින වකුගඩු රෝග උවදුර මැඩ පැවැත්වීම පිණිස ජාතික වැඩපිළිවෙළක් දියත් කිරීමට මා පියවර ගෙන තිබෙනවා.

දැක්ම

නිදන්ගත වකුගඩු රෝගය තවදුරටත් වැළැක්වීම හා වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය.

මෙහෙවර

දැනුම නතුකර ගැනීම හා හුවමාරු කිරීම, නිරවද්‍ය ක්‍රමවේදයන් යොදා ගැනීම, රෝග වැළැක්වීම හා ප්‍රතිකාර ලබාදීම සහ පීඩාවට පත් වුවන්ගේ සුභසාධනය සම්බන්ධීකරණ ක්‍රියාදාමයක් මගින් සහතික වීම.

අලුත්ම ප්‍රවෘත්ති

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරේ ....

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමා වෙබ් අඩවිය විවෘත කරමින්


මනෝ තිත්තවැල්ල මහතා වකුගඩු රෝග නිවාරණය සදහා ව්‍යාපාරික සන්නාම තානාපති ලෙස පත් කිරීමද මෙහිදි සිදුවූ අතර ඒ මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේය.


වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායේ සන්නාම තානාපතිවරු ලෙස පත්කල මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන්ට එම ධූරයේ වගකීම සහ අරමුණ සහිත ලිපි ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.



වෙළද ව්‍යාපාරික බර්ටි පෙරේරා මහතා විසින් වකුගඩු රෝග නිවාරණ අරමුදල සදහා රුපියල් ලක්ෂ 10 ක පරිත්‍යාගයක්ද මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.


දර්ෂණ රුවන් දිසානායක මහතා විසින් ප්‍රතිඅශ්‍රැතකරණ උපකරණ සම්බන්ධ ලේඛණ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද සිදු විය.


සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

තවදුරටත්...

වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය

අතිගරු ජනාධිපතිතුමාගේ “මෛත්‍රී පාලනයක්… ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ, මෙරට වියළි කලාපයේ දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යසනයක් ලෙස ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගය නිවාරණය සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කොට ඇත. ඊට අදාළව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා සෘජු අධීක්ෂණය යටතේ වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුභසාධනය උදෙසා කටයුතු කිරීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවා ඇත. දැනුම නතුකර ගැනීම හා හුවමාරු කිරීම, නිරවද්‍ය ක්‍රමවේදයන් යොදාගැනීම, රෝග වැළැක්වීම හා ප්‍රතිකාර ලබා දීම සහ පීඩාවට පත්වූවන්ගේ සුභසාධනය සම්බන්ධීකරණ ක්‍රියාදාමයක් මගින් සහතික වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය යටතේ ක්‍රියාත්මක වන අතර මෙහි කාර්යභාරය පහත පරිදි වේ.

  • ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම.
  • අන්තර් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන අතර මනා සම්බන්ධීකරණය.
  • නීතිමය හා ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධව මැදිහත්වීම (නීතිය ක්‍රියාත්මක කිරීම හා බදු ප්‍රතිපත්ති ආදී).
  • පහසුකාරකයෙකු ලෙස කටයුතු කිරීම.
  • සුපරීක්ෂණය / අධීක්ෂණය.
  • පසුවිපරම හා ප්‍රගති පාලනය.


මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගය

හැඳින්වීම

CKD-පුළුල් පරාසයක පැතිරුණු සාධක රැසක් මගින් ඇතිවන බහුලව ව්‍යාප්ත වූ රෝගයකි. CKDu යනු, දියවැඩියාව, අධි රුධිර පීඩනය, මුත්‍ර නාල ආශ්‍රිත ගල් (Ureteric Calculi), වෘක්කදාහය (Pylonephritis) තත්ත්වයන්වලින් තොරව නිදන්ගත වකුගඩු රෝගය පැවතීමයි.මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගය (CKDu) 90 දශකයේ මුල් භාගයේදී උතුරු මැද  පළාතෙන් හඳුනාගත් අතර එය වකුගඩු ප්‍රනාලවලට හානි කරන තත්ත්වයකි. (Toxic nephropathy causing Tubular Necrosis ) මෙය අධි රුධිර පීඩනයෙන් හා දියවැඩියාවෙන් කාලික වකුගඩු රෝගය ඇතිවීමේ ක්‍රියාවලියට වඩා වෙනස් වේ. මේ වන විට රෝගය ඌව, වයඹ, උතුරු නැගෙනහිර හා මධ්‍යම පළාත් දක්වා ව්‍යාප්ත වෙමින් පවතී. (අම්පාර, බදුල්ල, කුරුණෑගල, මාතලේ, මුලතිව්, ත්‍රිකුණාමලය හා වව්නියාව)


CKDu පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස :



රෝගය වැළඳෙන්නේ දීර්ඝ කාලයක් තුළ ඉතා සෙමින්ය. එබැවින් රෝග ලක්‍ෂණ පහළ වන්නේ අවසාන අදියරේදී වන අතර එම අවස්ථාව වන විට රෝගය සුව කිරීම ඉතා දුෂ්කරය.
කෙසේ වෙතත් මෙම රෝගය සඳහා හේතු විය හැකි සාධක

  • කෘෂි රසායන අවභාවිතය.
  • ජලයේ අන්තර්ගත ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය හා බැරලෝහ.
  • කිවුල සහිත අපිරිසිදු ජලය නිතර නිතර පානය කිරීම.
  • විජලනය සහ දීර්ඝ කාලයක් තද අව්වට නිරාවරණය වීම.
  • වකුගඩුවලට හානිකරන නීලහරිත ඇල්ගී සහ සයනෝ බැක්ටීරියා මගින් නිපදවන විෂ.
  • සර්ප දෂ්ටනය.
  • වස පානය.
  • වෛද්‍ය උපදේශනයෙන් තොරව වේදනා නාශක ඖෂධ වර්ග අනවශ්‍ය ලෙස භාවිතය.

මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, රබෑව, මැදිරිගිරිය, විල්ගමුව, ගිරාඳුරුකෝට්ටේ, පදවි ශ්‍රී පුර, ගෝමරන්කඩවල, දෙහිඅත්තකණ්ඩිය, පොල්පිතිගම හා වැලිඔය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී / ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස CKD /CKDu බහුලව පවතින ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන ඇත.


දිස්ත්‍රික්ක වශයෙන් දැනට හඳුනාගැනීම අනුව වාර්තාගත වූ 
 නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව

දිස්ත්‍රික්කය

වැඩි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

රෝගීන් සංඛ්‍යාව

අනුරාධපුරය

සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස (22) 

9,005

පොළොන්නරුව

සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස (7)

4,369

කුරුණෑගල

පොල්පිතිගම, මහව, කුරුණෑගල

1,706

මාතලේ

විල්ගමුව, ගලේවෙල

1,137

වව්නියා

වව්නියාව, වව්නියාව දකුණ හා චෙඩ්ඩිකුලම්

1,684

බදුල්ල

මහියංගනය, රිදීමාලියද්ද

943

හම්බන්තොට

තිස්සමහාරාමය, අම්බලන්තොට, ලුණුගම්වෙහෙර, සූරියවැව

488

අම්පාර

දෙහිඅත්තකණ්ඩිය, මහඔය

468

මොණරාගල

තණමල්විල, බඩල්කුඹුර

268

මුලතිව්

වැලිඔය, තුන්නුක්කායි

348

ත්‍රිකුණාමලය

වාන් ඇළ,පදවි ශ්‍රී පුර, ගෝමරන්කඩවල

412

එකතුව

20,828

මුලාශ්‍රය - සෞඛ්‍ය අමාත්‍යාංශය

රෝග ලක්‍ෂණ

  • ඇඟට දැනෙන අපහසුතාවය.
  • මුත්‍රා සමග පෙණ පිටවීම.
  • කෑම අරුචිය.
  • වමනය.
  • කොන්දේ කැක්කුම.
  • මුත්‍රා පිටවීම ක්‍රමයෙන් අඩු වීම.
  • ශරීරයේ ඉදිමුම.
  • හතිය.
  • ඇඟ සුදුමැලි වීම.
  • රක්තහීනතාවය.
  • අධික රුධිර පීඩනය.
  • මස්පිඬු දුර්වලතාවය.
  • ඇඟ කැසීම.
  • සිහි කල්පනාව  මඳවීම.

 

මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගය ව්යාහප්ත වීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්රිායාමාර්ග

  1. තෝරාගත් ප්‍රදේශවල රෝගය රෝගීන් තුළින් හඳුනාගැනීම සඳහා පරීක්‍ෂණ පැවැත්වීම හා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

  2. කාලික වකුගඩු රෝගය පාලනය කිරීම හා අවම කිරීමට ප්‍රධාන රෝග නිවාරණ අංශ 04 ක් ශක්තිමත් කිරීම.

    1. ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ මධ්‍යස්ථාන.
    2. රෝහල්වල රුධිර කාන්දුකරණ ඒකක ස්ථාපිත කිරීම.
    3. වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ මධ්‍යස්ථාන ඇති කිරීම.
    4. වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සේවය.
  3. අධි අවදානම් කලාප සදහා රෝගීන්ගේ නාමලේඛන සහ CKD / CKDu රෝග අධීක්‍ෂණ පිළිවෙත් හඳුන්වා දීම.
  4. පිරිසිඳුපානීය ජලය සපයා දීම.
  5. CKDu රෝගීන්ට සහ රෝගී පවුල්වලට පහසුකම් හා අවශ්‍ය මුල්‍යාධාර සපයා දීම.

උතරුමැද පළාතේ වකුගඩු රෝග ව්‍යාප්තිය