ජනාධිපති කාර්යබලකායේ නිල වෙබ් අඩවිය

ජනාධිපතිතුමාගේ පණිවිඩය

අපේ ගොවි ආර්ථීකයේ හදවත බඳු රජරට, විශේෂයෙන් මහවැලි කලාපවල ගොවි ගෙවිලියෝ දැනට දශක දෙකක සිට මාරාන්තික වකුගඩු රෝගයකින් පෙළෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශී්‍ර ලාංකික විද්වතුන් මෙයට හේතුව ලෙස සොයා ගනු ලැබුවේ ප්‍රමිතියකින් තොර පොහොර හා කෘෂි රසායන සමඟ ප්‍රදේශයේ කිවුල සහිත වතුර මිශ්‍රවීම බවයි.

News & Events



ජාතික සංවර්ධනයේ ප්‍රධාන කුළුණු සතර

ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විස්තරාන්විත එතුමන්ගේ දැක්ම යථාර්තයක් බවට පත්කරනු පිණිස ජාතික වැදගත්කමින් යුතු ප්‍රමුඛතම අංශ ආවරණයවන ලෙසින් උපායමාර්ගික ප්‍රතිපත්ති සම්පාදනය, වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදීම යන කරුණු ඉටු කිරීම උදෙසා, ජනාධිපති කාර්යසාධක බලකායන් හතරක් ස්ථාපිත කරන ලදී.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016-2018

දැනට ශ්‍රී ලංකාව විසින් ප්‍රධාන ආහාර වර්ග, සත්ව නිෂ්පාදන මෙන්ම මත්ස්‍ය නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200 ක් පමණ වැය කරනු ලබයි. එහෙත්, ආනයනය කරනු ලබන එම ආහාර වලින් වැඩි ප්‍රමාණයක් දේශීයව වස විසෙන් තොරව ගුණාත්මකව නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ඇති අතර සත්ව නිෂ්පාදන මෙන්ම මත්ස්‍ය නිෂ්පාදනද තවදුරටත් වැඩිකර ගැනී‍මේ හැකියාව පවතී. වාර්ෂිකව වැයවෙන ආනයනය වියදම අඩුකර ගනිමින් දේශීයව නිපදවිය හැකි සියළුම ආහාර වර්ග උපරිම වශයෙන් මෙරටෙහි නිෂ්පාදනය කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

තවද ශ්‍රී ලංකාවේ ආහාර පරිභෝජන තත්වයන් සලකා බලන විට පෝෂණවේදීන්ගේ නිර්දේශයන්ට අනුව ඒක පුද්ගල දෛනික එළවලු හා පළතුරු පරිභෝජනය ග්රෑම් 200 බැගින් වියයුතු වුවද, එය මේ වනවිට ග්රෑම් 100 ක පමණ මට්ටමක පවතී. එමෙන්ම ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්රෑම් 60 ක් වියයුතු වුවත් එය දිනකට ග්රෑම් 40 ක් පමණ වීමද ඒක පුද්ගල කිරි ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය දිනකට මිලි ලීටර් 100 ක් වුවත් එය ද පහළ මට්ටමක පැවතීමත් ශ්‍රී ලංකා‍වේ ජනතාවගේ පෝෂණ මට්ටම අඩුවීම කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකර තිබේ.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන දේශීයව නිෂ්පාදනය කළ හැකි ආහාර වර්‍ග ගුණාත්මකව නිෂ්පාදනය කර ස්වයංපෝෂිත ඉලක්ක කරා ලඟාවීම හා එමගින් විශාල විදේශ විනිමයක් රටතුල ඉතිරි කර ගැනීම සඳහා අවශ්‍ය වන උපාය මාර්ග හා ඊට අදාළ ක්‍රියාකාරකම් අන්තර්ගත වන පරිදි විෂය භාර අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ආයතන ඒකාබද්ධ කරගනිමින් “ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන” 2016-2018 කාලය තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.

Objectives:

  • ප්‍රශස්ථව භූමිය උපයෝජනය කර ගනිමින් දේශීය වශයෙන් නිෂ්පාදන කළ හැකි ආහාර වලින් රට ස්වයංපෝෂිත කිරීම සහ ඒ මගින් ආහාර ආනයනය සඳහා වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීම.
  • නිෂ්පාදන කාර්යයේදී ගුණාත්මක යෙදවුම් හා යෝග්‍ය තාක්ෂණික ක්‍රම භාවිතාකර නිෂ්පාදන ඵලදායීතාව උපරිම කිරීම හා නිෂ්පාදන පිරිවැය අවම කිරීම.
  • දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සියළු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම හා පාසැල් ප්‍රජාව, ගොවි සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන සහ මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙම වැඩ සටහන බද්ධ කරවීම.
  • ආහාර නිෂ්පාදනයේදී රසායනික පොහොර හා පලිබෝධ නාශක භාවිතය අවම කොට පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කිරීම මගින් ගුණාත්මක ආහාර ද්‍රව්‍ය සුලබ කිරීම.
  • අතිරේක ආහාර සංචිත විධිමත්ව කළමනාකරණය කිරීම මගින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම
  • කෘෂි පාරිසරික කලාප පදනම් කරගත් භෝග නිෂ්පාදන වැඩ සටහනක් හ‍ඳුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම මගින් රටේ සමබර සංවර්ධනයක් ඇතිකිරීම

National Drug Prevention Program

දැක්ම
අතිගරු ජනාධිපත්තුමාගේ මෛත්‍රී පාලනයක්.......ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව මතින් නිදහස් ශ්‍රී ලංකාවක් බිහිකිරීම මඟින් ආර්ථික,සමාජීය හා සංස්කෘතික වශයෙන් සංවර්ධනයට පසුබිම සැකසීම.

මෙහෙවර
මධ්‍යසාර, දුමකොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කිරීම මඟින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම දියුණු කිරීමත්, නිෂ්පාදන ඵලදායිතාව වැඩිකිරීමත්, දිළිඳුකම පිටු දැකීමත් සඳහා සක්‍රීයව ක්‍රියාත්මක වීම.


අර්ථ නිරූපණය
මත්ද්‍රව්‍ය යන්නට සියළුම මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන මෙන්ම අනතරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිර්ණය කරන සියලු මත්ද්‍රව්‍ය ඇතුලත් වේ.

ඉලක්ක හා අරමුණු

  • 2014 වසරට සාපේක්ෂව වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රවාහනය හා අලෙවිය අවම වශයෙන් 80% කින් අඩු කිරීම.
  • 2014 වසරට සාපේක්ෂව 2020 වසර වන විට ඒකපුද්ගල මද්‍යසාර භාවිතය අවම වශයෙන් 25%කින් අඩු කිරීම.
  • 2014 වසරට සාපේක්ෂව 2020 වසර වන විට දුම්කොළ නිෂ්පාදන භාවිතය අවම වශයෙන් 50% කින් අඩු කිරීම.
  • නවකයන් මත්ද්‍රව්‍ය භාවිතය ඇරඹීම වැලැක්වීම.
  • දැනට මද්‍යසාර භාවිත කරන්නන්ගේ උපද්‍රව කාරී හා හානිකර හැසිරීම් අවම කිරීම.
  • 2014 වසරට සාපේක්ෂව 2020 වසර වන විට මද්‍යසාර භාවිතය නිසා ඇතිවන රිය අනතුරු සංඛ්‍යාව අවම වශයෙන් 50%කින් අඩු කිරීම.
  • දුම්කොළ, මද්‍යසාර සෘජු හෝ වක්‍ර ප්‍රචාරය සහ එම සමාගම් වල සමාජ සත්කාරක වැඩසටහන් සම්පූර්ණයෙන් නතර කිරීම.
  • නිවෙස් වලදී සේවා ස්ථාන වලදී හා පොදු ස්ථාන වලදී අන් අය විසින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් භාවිතා නොකරන්නන්ට වන හානිය අවම කිරීම හා එබඳු ගැටලු වලින් තොර පරිසරයක ජීවත් වීමට භාවිතා නොකරන්නන්ට ඇති අයිතිය තහවුරු කිරීම.